E News

චිත‍්‍රපටියට සල්ලි දැම්මේ මද්‍යසාර, සිගරට් කොම්පැණි වලින්ද කියලා බලාගන්න ක‍්‍රම සහ විධි…

May 22, 2017 in enewssinhala | 0 comments

චිත‍්‍රපටියට සල්ලි දැම්මේ මද්‍යසාර, සිගරට් කොම්පැණි වලින්ද කියලා බලාගන්න ක‍්‍රම සහ විධි…

ලෝකයේ සමහර සිනමා නිර්මාණ නිෂ්පාදනය සඳහා සිගරට් හා මද්‍යසාර සමාගම් රු. කොටි ගණනින් මුදල් වැයකොට ඇති බව සාක්ෂි තිබේ. එහෙත් චිත‍්‍රපටයේ කිසිදු තැනක එසේ මුදල් ගත් බව සඳහන් නොවූවත් සමාගම්වල අවශ්‍යතාවය නම් හොඳින් ඉෂ්ඨ වී තිබේ. එසේ නම් බලමු සිගරට්, බියර් හෝ අරක්කු කොම්පැණි වලින් සල්ලි අරන් හදපු චිත‍්‍රපටි හඳුනගන්න විධි 05 ක්.

01. හිතාමාතාම මද්‍යසාර, සිගරට් නිෂ්පාදනයක වෙළඳනාමයක් චිත‍්‍රපටයේ කිසියම් වේලාව් දර්ශණය වීම. සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි චිත‍්‍රපට පිලිවෙලින් සිගරට් හා බියර් වෙළඳනාම හිතාමතාම සිනමාපටයට අඩංගු කොට ඇත. ඒ දර්ශන ඇතුලත් කිරීම සඳහා අතිවිශාල මුදලක් නිෂ්පාදන සමාගම් හා අධ්‍යක්ෂකවරුන් ලබාගෙන ඇති බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
3 2

02. චිත‍්‍රපටයේ සමස්ත කාලයෙන් බොහෝ දර්ශන ප‍්‍රමාණයක මද්‍යසාර හෝ සිගරට් භාවිතය ප‍්‍රදර්ශණය වීම. භාවිතය සාමාන්‍ය එක්ක්, කාන්තාවන් ද භාවිතා කරන බව මෙන්ම ගැටළුවක් නොමැති බව පේ‍්‍රක්ෂකයාට හැඟවෙන්නට සැළැස්වීම.

03. දැනට සමාජයේ සම්මත හෝ විද්‍යාත්මකව පවා සනාථ වී ඇති සත්‍යන් අභියෝගයට ලක්කිරීම. සමහර චිත‍්‍රපටි මගින් මද්‍යසාර, සිගරට් භාවිතය ලිිංගික ආකර්ෂණය හා ප‍්‍රණවත් බව ඇතිකරක්නක් ලෙස පෙන්වනු ලබයි. එහෙත් සැබෑව එය නොවන බව තහවුරු වී අවසානයි. ලෝකයේ ඕනෑම සිනමාවක මෙයට උදාහරණ දැකගත හැකිය.

04. අවස්ථාවේ පේ‍්‍රක්ෂකයාට වැඩිම බලපෑමක් කල හැකි රංගන ශිල්පියා හෝ ශිල්පිණිය සිගරට් හෝ මද්‍යසාර භාවිතය යොදාගැනීම. මෙය ලොව පුරා සිනමාවේ සිදුවන අතර අපේ රටේ ද එසේමය. සිල්වෙස්ටර් ස්ටැලෝන් හට රම්බෝ සිනමාපටය තුළ සිගරට් භාවිතාකරනවාට 1983 වසරේ ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක් වේ.

05. භාවිතාව සුවිශේෂි චරිත විසින් කරන්නක් බව පෙන්වීම හා භාවිතා නොකරන්නන් පිම්පියන් ලෙස හුවාදැක්වීම සිදුවන්නේ නම් එවැනි චිත‍්‍රපට සඳහාද සිගරට් හා මද්‍යසාර සමාගම් වල නොමද ආශිර්වාදය හිමිවී ඇති බව හඳුනාගත හැකිය. දම්ල සිනමාවේ, හින්දි සිනමාවේ හා අපේ සිනමාවේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී මෙම කාරණාව සපත කල හැකි සාක්ෂි ඔනෑතරම් ඔබට සොයාගත හැකි වනු ඇත.
4 5

06. චිත‍්‍රපටය පුරාවට සිගරට් හෝ මද්‍යසාර භාවිතය හුවාදක්වා ඒ පිළිබඳව හැකිතරම් වැරදි විශ්වාසයන් පේ‍්‍රක්ෂකයා තුලය යවා අවසානයේ ඉතා කුඩා හෝ ආකර්ශණීය නොවන ආකාරයේ සඳහනක් භාවිතයේ ගැටළුව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම. අද වන විට සිනමා කර්මාන්තයට සියුම් ලෙස මෙවැනි ආකාරයෙන් මැදිහත් වීමට සිගරට් හා මද්‍යසාර කර්මාන්තය සමත් වී ඇත.

අරක්කු බොන තැනක කරන්න, බලන්න පුළුවන් ගති වැඩ 08 ක්.

May 1, 2017 in enewssinhala | 0 comments

අරක්කු බොන තැනක කරන්න, බලන්න පුළුවන් ගති වැඩ 08 ක්.

බලන් ඉන්නකොට දැනෙන සනීපේ බොනකොට කොහෙන්ද ? බොරුනම් බලන්න

01. සෙට් එකේ වැඩියෙන්ම අනුන්ට අරක්කු බොන්න බලකරන එකා තමයි අඩුවෙන්ම බොන්නේ ? ඇයි ඒ ? මොකද මිනිහා දන්නවා වැඩියෙන් බොන තරමට වැඩියෙන් අමාරුයි කියලා.

02. කරන්න ගති වැඩක්, අරක්කු වීදුරුව බොනකල් ඉඳලා කටගැස්මට කියලා මේසේ උඩ තිබ්බ මස්, කඩල, බයිට් පිරිසි ටික උස්සන්න බලන්න. අර වීදුරුව බීපු එකාගේ මුහුණ කොහොමද කියලා. බයිට් වලින් වහන්න හදන අරක්කු වල අමාරුව අන්න එහෙම එළියට ගන්න පුළුවන්.

03. සෙට් එකේ වැඩියෙන්ම බොනව කියලා පෙන්නුවත් අඩුවෙන්ම අරක්කු ශරීරගත කරගන්න අය ඉන්නවා, අන්න ඒ අය තමා අරක්කු, බියර්, මේ ඕනම මද්‍යසාරයක ඇත්ත කලින්ම තේරුම් ගත්ත අය.

04. බිලා සින්දු කියන්න ගිහින් ලොකු සභාවක් ඉන්න තැනක ලැජ්ජාවට පත් වුනාම අරක්කු වලට වැරැුද්ද දාලා බැරිකම වහගන්න හදන යාළුවෝ අපි කාටත් ඉන්නවා.

05. පාර්ටියකට ගිහින් අරක්කු බීලා පාර්ටියේ ඉන්න ලස්නම කෙල්ල එක්ක නටන්න ප්ලෑන් කරන අය ඕන සෙට් එකක ඉන්නවා. හැබැයි ප්ලෑන් ඒක් හැටියට නටා ගන්න තියා හිටගන්නවත් බෑ

06. වීදුරුවේ අඩිය තෙමෙන්න අරක්කු දාගන්න අය කට ගාවට සෝඩා, කොකා කෝලා, ස්ප‍්‍රයිට් දා ගන්නේ අරක්කු මාර ගති නිසාද නැත්නම් පොඞ්ඩ වුනත් බොන එක වාතයක් නිසා ද?

07. ඉඳලා හිටලා හරි කැපිලා පෙන්න බොන එකම මාර ලොකු වැඩක් කරගත්ත යාළුවෝ අපි කාටත් ඉන්නවා. සෙට් එකේ අනිත් අය මිනිහව හැකිතරම් මුරුංගා අත්තේ තියලා වැඩියෙන් අරක්කු පොවනවා.

08. බීලා කොච්චර අපහසු වුනත් ඒ අමාරුව කියන්නේ නැතුව, මරු කියලා කියන අය තමයි වැඩියෙන්ම ඉන්නේ. මොකද එයා හිතන්නේ එයාගේ අවුලක් නිසා එයාට අමාරු අති කියලා ඒත් ඇත්ත නම් හැමෝම හිතන් ඉන්නවා අනිත් අයට නම් අමාරුවක් නැතුව ඇති කියලා,ඒත් කව්රුත් කෙලින් කියන්නේ නෑ මට නම් මේක අමාරුයි කියලා.
2
මෙන්න මෙහෙම අරක්කු, බියර් ඕන දෙයක් බොන සෙට් එක දිහා, එයාල මොනවද කරන්නේ කියලා බලන් ඉන්න එකේ ආතල් එක දන්නේ ඒ දිහා හොඳට බලන් ඉඳපු කෙනෙක් ම තමයි.බොන සෙට් එක දිහා බලන් ඉඳලා, ප‍්‍රශ්න කරලා, පොඩි පොඩි ගේම් දීලා ගන්න ආතල් එක වෙන කිසිම එකකින් ගන්න බෑ මහත්තයෝ.

බොන එක නවත්වගන්න ඕන අයට, මේ අවුරුද්දේ තියෙන හොඳම නැකත !

Apr 11, 2017 in enewssinhala | 0 comments

බොන එක නවත්වගන්න  ඕන අයට, මේ අවුරුද්දේ තියෙන හොඳම නැකත !

අවුරුද්දේ බොහෝ දෙනෙක් නැකතට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෑම නැකතකටම බැරි වුනත් පුළුවන් ඒවා මග නොඇර කරන්න තමා හැමෝම උත්සහ කරන්නේ. ඔන්න කාලයක් තිසේසේ අරක්කු, බියර්, සිගරට් මේ ඕනෑම අවාසිදායක පුරුද්දකින් පීඩා විඳපු අයට මේ අවුරුද්දේ ඒක නවත්ව ගන්න හොඳ නැකතක් තමයි උදාවෙන්නේ.

කාලයක් මේ පුරුදු පවත්වගෙන ආවා කියලා මෙලෝ දෙයක් ලැබිලා නැතිනම්, ඉස්සරහටත් විඳින්න පුළුවන් දෙයක් ලැබෙයි කියලා විශ්වාසයකුත් නැතිනම්, හොඳම දේ තමයි මද්‍යසාර, සිගරට් භාවිතය හැකි ඉක්මනින් නවත්වලා දාන එක. ඒකට ඉතින් 2035 වෙනකල් බලන් ඉන්න ඕන නෑ. මේ 2017 අවුරුද්දේ හෙට අනිද්දට ලබන ඕනෑම නැකතක ඒ තීරණේ ගන්න ඕන කෙනෙක්ට පුළුවන්.
2
හැබැයි ඔයා ඒ ගන්න තීරණේ ගැන ඔයාගේ ලඟම පාර්ශව දැනුවත් කරලා කලොත් එයාලත් මේ අවුරුද්දේ ලොකු හයියක් වෙයි ඔයාගේ තීරණේ ක‍්‍රියාත්මක කරවන්න. විශේෂයෙන් දරුවෝ, බිරිඳ, අම්මා, තාත්තා, ඇත්තටම අවංක හොඳම යාළුවා මේ හැමෝම. කෙනෙක් හිතනවානම් ඔන්න ඔහේ මේ අවුරුද්දෙත් හොඳට බීලා ලබන අවුරුද්දේ හෝ වෙන දවසක මේ පුරුද්ද නවත්වනවා කියලා ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඇවිත් තියෙන හොඳම අවස්ථාව ප‍්‍රයෝජනේට ගත්තොත් ලබන අවුරුද්දේ වෙනස්ම මිනිහෙක් වෙන්න පුළුවන්.

ඔබේ මද්‍යසාර, සිගරට් භාවිතය පවත්වාගෙන යාම හෝ එය නැවැත්වීම සම්පූර්ණයෙන් ඔබේ අතේ තියෙන වැඩක් ඒ නිසා හොඳින් හිතන්න තීරණය ගන්න, ඒ තීරණේ ක‍්‍රියාත්මක කරන ඕනෑම වෙලාවක් ඔයාගේ ජීවිතේ හොඳම නැකත තමයි.
සියළු දෙනාට සැප සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා.

සිගරට් කොම්පැණියට ගොඩක් රිදුන, පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව ගත්ත තීරණ 5 ක්

Mar 25, 2017 in enewssinhala | 0 comments

සිගරට් කොම්පැණියට ගොඩක් රිදුන, පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව ගත්ත තීරණ 5 ක්

01. රටේ බොහෝ පාරිබෝගික භාණ්ඩ වලට පනවා ඇති වැට් බද්ද සිගරට් සඳහාද පැනවීමට කටයුතු කිරීම

02. සිගරට් පැකට් මත රූපමය අවවාදයන් 80% ක් තරම් විශාල ප‍්‍රමාණයෙන් දැමීමට නියම කිරීම.

03. සිගරට් මිල රු. 50 දක්වා වැඩි කර, මිලදී ගැනීමේ හැකියාවට සරිලන මිලකට සිගරට්ද ගෙන ඒම. එය බොහෝ කාලයක් මුළුල්ලේ සිදුව තිබූ වරදක් නිවැරදි කරගැනීමකි.

04. එක් සිගරට්ටුවක් මගින් අයකරගන්නා ලද බදු 65% සිට 90% දක්වා ඉහල නැංවීමට කටයුතු කිරීම.

05. තනි සිගරට් සිල්ලර වශයෙන් විකිණීම අහෝසි කිරීමට මේ වන විට යෝජනා වී තිබේ.
රටක් ලෙස මේ වන විට සිගරට් සම්බන්ධයෙන් ඉතාමත් යහපත් තීරණ ක‍්‍රියාත්මක කරන රටක් ලෙසට අපේ රට ලෝක සෞඛ්‍ය සංව්ධානයේ පැසසුමට ලක්ව තිබේ.
2

බිග් මැච් තහනම පිළිතුරක් ද ?

Feb 28, 2017 in enewssinhala | 0 comments

බිග් මැච් තහනම පිළිතුරක් ද ?

මේ වසරේ පාසල් මහා ක‍්‍රිකට් තරඟ ආරම්භයට ආසන්නව තිබිය දී මහා ක‍්‍රිකට් තරග තහනම් කලයතු බව ද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එයට හේතුව ආසන්න කාලයේ පාසල් සිසුන් අතර ඇති වූ ගැටුම් කිහිපයක් වේ. ඒ සමගම මහා ක‍්‍රිකට් සමයේ සිසු දරුවන් මද්‍යසාර හෝ නොයෙක් මත්ද්‍රව්‍ය භාවිතයටද නැඹුරු වීමේ හා ඒවාට නැඹුරු කරගැනීමේ උත්සාහයක් ඇති බව හෙළිවී තිබේ. පාසල් සිසුන් අතර ගැටුම් ඇති වූ පළමු හෝ අවසාන අවස්ථාව මෙය නොවේ. ඉතිහාසය පුරා විවිධ කරුණු මුල්කරගෙන මෙසේ ගැටුම් ඇතිවුවත් ඒවා කෙටිකාලයකින් අහවර වී ඇත. පාසල් වියේ පසුවන තරුණ පිරිසේ ස්වභාවය එයයි, කණ්ඩායම් ලෙස සිය සහචරයන් සමග කාලය ගත කිරීම මෙන්ම ඕනෑම අවස්ථාවකට මුහුණ දීමටටද ඔවුන් නොපැකිලිව ඉදිරිපත් වන්නේ මේ වයසේ ඇති ගති ස්වභාවයන් නිසයි.

වර්තමානයේ සිසු පරපුර පිළිබඳව කණගාටුවක් ඇති වන්නේ ඔවුන් මුහුණ දී ඇති අධ්‍යාපන ජීවිත තරගය ඔවුන් සම්පුර්ණයෙන්ම කෘතිම පිරිසක් බවට පත්කර ඇති නිසයි. අධ්‍යාපන ජීවිතයේ කෙටිකාලීන හා දීර්ග කාලීන අරමුණු සඳහා සිසුන් යොමුකිරීමේ අභිලාශය නිසා දෙමව්පියන් ද සිය ස්වභාවික අවශ්‍යතාවලින් ඈත් වී ඇති බව පෙනෙන්නට තිබේ. ඔවුන් සිසු දරුවන් සමග රිලේ ධාවනයක නිරත වේ. දරුවන් පරිසරයෙන් හා යාථාර්ථයෙන් බෙහෝවිට බැහැර අවකාශයක සැරිසරයි, ඔවුන්ගේ රස වින්දන පරාසයන් වඩාත් සීමා කාරී වී ඇති අතර ඒවා තනි පුද්ගල රසවින්දන උපායන් වේ. ජංගම දුරකථනය හරහා පවතින සමාජයෙන් බැහැරට ගෙනයන සිසුවා මිත‍්‍ර සමාගම් පවත්වන්නේ අන්තර්ජාලය හරහා වීම නිසා සැබෑ ජීවිතයේ මිනිස්සුන්ට ප‍්‍රතිචාර දැක්වීම පිලිබඳව ඇති අත්දැකීම් ඔවුන්ගෙන් හීන වෙම්න් පවතී.
2
මහා ක‍්‍රිකට් සමය සිසු දරුවන්ට නිරායාසයෙන්ම ප‍්‍රීතියක්, නිදහසක්, සැහැල්ලූවක් ඇති වන සමයකි. කූඩු කරගෙන සිටි ආකාරයේ පරිසක් නිදහස් ලද්දාක් මෙන් ඔවුන් හැසිරෙන සමයයි මහා ක‍්‍රිකට් තරග ඇති සමය. මේ කාලයේ කරන ඕනෑම දෙයක් සතුටුදායක එකක් ලෙස ගැනීමට දරුවන් පෙලඹේ. එම තත්වය සූක්ෂම ලෙස භාවිතා කරන බියර් හා මද්‍යසාර, සිගරට් සමාගම් මෙන්ම වෙනත් ජාවාරම්කාර මත්ද්‍රව්‍ය වෙළඳාම් කරුවන් මහා ක‍්‍රිකට් තරග අවස්ථාවක් කරගැනීම සිදුකරයි. එයද බොහෝ කාලයක සිට එන උපායශීලි මැදිහත්මක් ලෙස පෙන්වා දිය හැකිය. දරුවන් මහා ක‍්‍රිකට් තරගයේ මත්ද්‍රව්‍ය භාවිතයකට යොමුවීමේ වගකීම කිසිවෙකුට පැවරිය හැකිද? මෙවන් අභියෝග හමුවේ මහා ක‍්‍රිකට් කරග නොපවත්වා සිටීම නැවැරදි ද?

පවතින කාර්්‍ය බහුල සිසු ජීවිතයේ සැහැල්ලූව, විනෝදය ඇතිකරන ඉතා ස්වල්ප අවස්ථා වලින් එකක් වන මහා ක‍්‍රිකට් තරග නැති වුවහොත් ඔවුන්ට ජීවිත අධ්‍යාපනයේ වැදගත් පාඩමක් අහිමි වනු ඇත. සැබෑ වශයෙන්ම මහා ක‍්‍රිකට් සමයේ දරුවන්ට වැරදි පුරුදු ඇතිවීම වැළැක්වීමට හැකි අවස්ථා නැති කිරීම සමස්ත මහා ක‍්‍රිකට් තරගය නැති කරනවාට වඩා බොහෝ වැදගත් වේ. පාසලක ආදි ශිෂ්‍ය පිරිස් හි අවශ්‍යතාවය මත මහා ක‍්‍රිකට් තරග භූමියේ බියර් කුටි ඉදිවේ නම් වර්තමාන සිසුන්ට එයින් සන්නිවේදනය වන්නේ වැරදි පණිවිඩයකි. බියර් සමාගම් බලාගෙන සිටින්නේ ඔවුන්ට මෙවන් පරිසරයක සිය නිෂ්පාදන බෙදා හැරීමට අවස්ථාවක් එනතුරුයි, ලාභ අපේක්ෂාවකින් තොරව වුවද ඔවුන් මෙවන් අවස්ථාවක් අති නොහරින්නේ දැනට බියර් හෝ මද්‍යසාර බොන පිරිස ගැන සිතා නොව අළුත් පාරිබෝගිකයන් පිරිසක් ඉලක්ක කරගත හැකි නිසායි. මහා ක‍්‍රිකට් තරගය පැවැත්වෙන දින වලදී මද්‍යසාර හෝ සිගරට් භාවිතා නොකලත් ඒවා පිලිබඳව ධනාත්මක චිත‍්‍රයක් ඇති කරගැනීමට සිසු දරුවන් යොමුවේ.
3
මෙම තත්වය නම් මහා ක‍්‍රිකට් තරග වලදී සිදුවන ප‍්‍රධාන අවාසියයි. කොළඔ සහා මහා ක‍්‍රිකට් තරග සඳහා ප‍්‍රසිද්ධියක් උසුලන රටේ අනෙක් නාගරික ප‍්‍රදේශවල සිදුකරන ලද සමීක්ෂයන්ට අනුව බොහෝ යෞවන වියේ පසුවන පාසල් දරුවන් සිය පළමු මත්ද්‍රව්‍ය අත්දැකීම ලබාගෙන ඇත්තේ මහා ක‍්‍රිතට් සමය අතර තුර බව පැවසේ. නිරායාසයෙන්ම සැහැල්ලූව සතුට අති පරිසරයක මද්‍යසාර පළමු වරට භාවිතා කල සිසුවෙක් මද්‍යසාර සතුට ඇතිකරවන බව සිය ජීවිත කාලය පුරාවටම වැරදියට වටහා ගැනීම කොතරම් අභාග්‍ය සම්පන්න තත්වයක්ද. එසේ නමි විය යුත්තේ මහා ක‍්‍රිකට් සමය සිසුන්ට ජීවිතයේ වැදගත්ම පාඩමක් ලබාදෙන අවස්ථාවක් කරගැනීමයි. එනම් එහිදී විශේස වගකීමක් පාසල් ආදී සිසුන්ට ඇති අතර මත්ද්‍රව්‍ය සඳහා ලකුණු හිමිවන කිසියම් හෝ අවස්ථාවක් වේ නම් එය නිාවැරදි කර ගැනීමට සංව්ධායක්යන්ට හැකිවිය යුතුයි. දරුවන් බියර්, අරක්කු, සිගරට් මෙන්ම වෙනත් ජාවාරම්කාර මත්ද්‍රව්‍ය කර්මාන්තයේ අරමුණක් බව දරුවන් දැනගැනීම මෙම ක‍්‍රිකට් සමයේ පහසුවෙන් ඉගැන්වීමට හැකිය. ඕනෑම මත්ද්‍රව්‍ය භාවිතයක් සතුටක් ඇතිකරන දෙයක් නොව සතුටු අවස්ථාවද අහිමි කරන දෙයක් බව සන්නිවේදනය විය යුතුයි.

කලා ලෝකයෙන් අරක්කු කොම්පැණියට තවත් බිලි

Jan 20, 2017 in enewssinhala | 0 comments

කලා ලෝකයෙන් අරක්කු කොම්පැණියට තවත් බිලි

තවත් කරුවෙක් සිය ජීවන ගමනට සමු දී ඇති බව ප‍්‍රවෘත්තී විකාශයක අසන්නට දකින්නට ලැබුණි. මා සමග ප‍්‍රවෘත්ති බලමින් සිටි සහෝදරයාගේ ප‍්‍රතිචාරය වූූයේ ”ශුවර් එක්ට බීලා බීලා තමා මැරෙන්න ඇත්තේ” කියලා නම් විය. අපේ රටේ බෝහෝ කලාකරුවන්ගේ අකල් මරණ වලට හේතුව අරක්කු, මද්‍යසාර භාවිතයද ? එය නම් දන්නේ දනිති. කිසියම් කලාකරුවෙක් ගේ අවමංගල්‍යකට සහභාගී වූ අවස්ථාවක එහි සිටි පිරිස අතර සාකච්ඡුාවට භාජනය වූයේ මියගිය තැනැත්තාගේ මද්‍යසාර භාවිතයේ ස්වභාවය පිළිබඳවයි. එහිදී ඇසුන කතා,

”අහවල් කලාකරුවා සමග තමා බිව්වේ”
”බීපු එකම තමයි කරලා තියෙන්නේ හම්බකරපුවයින් කරගත්ත දෙයක් නෑ”
”මේ පොඩි දරුවෝ එක්ක මේ ගෑණු කෙනා මොකක් කරන්න ද මන්දා ”
”සංගීත ප‍්‍රසංග වලදි සල්ලි නෙමේ අරක්කු වලට වැඩ කරලා එනවා”
” ලක්ෂ ගාණක අරක්කුම බොන්න ඇති, පුදුමයි මෙච්චර කල් හිටියා බීපු බීමට”
2
මෙන්න මේ වගේ සියයක් කතා කළා කරුවෙකුගේ මරණ ගෙදරකට ගිය අවස්ථාවක මට අහන්න ලැබුණා. හැම කළාකරුවෙක්ගෙම මරණයකට මද්‍යසාර හේතුවක් වුනා කියන්න බෑ. ඒත් බහුතරයක් කලාකරුවන් හා මාධ්‍යවේදීන් ගේ මරණ වලට ඔවුන්ගේ මද්‍යසාර භාවිතය හේතුවක් වන බව එම ක්ෂේත‍්‍රවලම කටයුතු කරන පිරිස හොඳින්ම දන්නා කරුණක්. වරද ඇත්තේ කොතැනද ?

අරක්කු නිසා අපේ රටට අහිමි වුන සියළු කලාකරුවන්ට මීට වඩා වැඩි යමක් ඒ අයගේ පේ‍්‍රක්ෂකයෝ වෙනුවෙන් කරන්න තිබුණා. පේ‍්‍රක්ෂකයන්ගේ කෙසේ වෙතත් ඒ අයගෙම පවුල් වල අයටවත් අද තියනවාට වඩා හොඳ ජීවන තත්වයක් ලබා දෙන්න තිබුණ හොඳම අවස්ථාව අකාලයේ මියැදීම නිසා බොහෝ කළාකරුවන්ට අහිමි වෙලා. ඔවුන් බොහෝමයකගේ මරණයට කෙලින්ම වගකිව යුතු අරක්කු සමාගම් වලින් ශෝකය පලකර මල් වඩමක්වත් නෑ.

ශ‍්‍රී ලංකා යුද හමුදා පරිශ‍්‍රයන් හා අවස්ථාවන් සිගරට්, මද්‍යසාර වලින් නිදහස්…

Jan 13, 2017 in enewssinhala | 0 comments

ශ‍්‍රී ලංකා යුද හමුදා පරිශ‍්‍රයන් හා අවස්ථාවන් සිගරට්, මද්‍යසාර වලින් නිදහස්…

ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදාපතිවරයාගේ මැදිහත් වීම තුල 2017 ජනවාරි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි සිගරටි, මද්‍යසාර භාවිතය හා විකිණීම සම්බන්ධයෙන් ඉතා වැදගත් තී්රණයකට එළඹ ඇත. යුද හමුදාව සතු කඳවුරු පරිශ‍්‍රයන්, ආපන ශාලා හා යුද හමුදාව මගින් සවිධානය කරනු ලබන බාහිර හෝ අභ්‍යන්තර සැණකෙළි අදියෙදී මද්‍යසාර, සිගරටි විකිණීම හා ප‍්‍රවර්ධනය කරීම වැනි දේ අතිහිටවීමට තීරණය කොට ඇත. යුද්ධ හමුදාවේ නිළධාරී හා සෙබල පිරිස් හි සෞඛ්‍ය පිරිහීම සම්බන්ධයෙන් අවධානය යොමුකොට උක්ත තීරණය ගෙන ඇති බව පැවසේ.

යුද්ධ හමුදාව සිගරට් හා මද්‍යසාරයෙන් නිදහස් වීමේ වාසිය,

මෙම ගෙන ඇති තීරණයේ වාසිය හමුදාවට පමණක් නොව මුළු රටටම වේ. දෙලක්ෂයකට ආසන්න යුධ හමුදා පිරිසෙන් යම් පරිසක් සිගරට් හා මද්‍යසාර භවිතය සිදුකරමින් බොහෝ සෞඛ්‍ය හා සමාජීය ගැටළු ප‍්‍රමාණයකට මුහුණපමින් සිටින බව පෙනෙන්නට තිබේ. එම අපහසුතාවයන්ගෙන් මිදීම උදෙසා මනරම් අවස්ථාවක් ඉහත තීරණය සමග යුද්ධ හමුදාවේ සේවයේ නියුතු රණවිරුවන්ට ලැබී තිබේ.

බොහෝ කාලයක් සිගරට් සමාගම්වල ප‍්‍රමුඛ ඉලක්කගත කණ්ඩායමක සිගරට් භාවිතය සම්බන්ධයෙන් මෑතකදී ලබාගත් සාධණීයම තීරණය ලෙස මෙය සැලකිය හැකිය.

ලෝකයේ බොහෝ යුද්ධ හමුදාවන්ට සිගරට් සමාගම විසින් අව වන විටත් නොමිලේ සිගරට් සැපයෙන වකවානුවක අපේ රටේ මෙවැනි තීරණයකට එළඹීම මුළු මහත් ලෝකයටම ආදර්ශයකි.

රටේ රණවිරුවන් සිගරට් භාවිතාවට හුරුකොට රණවිරුවන්ගේ වීරත්වයේ කොටස්කරුවන් වීමට සිගරට් කර්මාන්තයට අපේ රටේ තවදුදුරටත් ඉඩ නැති බව කියවෙන පණිවිවිඩයක් මෙම තීරණය තුල ගැබ්ව ඇත. එය රණවිරුවන් ගේ සිගරට් භාවිතය නිසා එම භාවිතාවට පුරදු වන තරුණ පිරිස් අඩුවීවීමට මනා පිටි වහලක් වනු ඇත.
2
සිය වෘත්තීය ජීවිතයේ අවස්ථාවන් බොහෝමයක් සිගරට් හා මද්‍යසාරකරණය වීම තුළ හමුදා සේවය අකර්මර්්‍ය කරීමට තිබූ අවස්ථා මෙම තීරණය සමග පහව යයි.

හමුදා සාමාජිකයන්ගේ දරුවන්, බිරිඳ ඇතළු පවුලේ සියළු සාමාජිකයන් සිය පියාගේ සිගරට් හා මද්‍යසාර භාවිතයන් අවම වීම සම්බන්ධයෙන් වඩාත් සතුටු වනු ඇත.

නිතිපතා සිගරට් භවිතා කල හමුදා සාමාජිකයන් ඒ වෙනුවෙන් වියදම් කල මුදල් ඉතිරකර ගැනීමට හෝ ඵලදායි දෙයකට වියදම් කරීමට මෙම ලබා දී ඇති අවස්ථාව බුදධිමත්ව භාවිතා කලහොත් ජීවන තත්වය පවතිනවාට වඩා බොහෝ උසස් මට්ටමකට පැමිණෙනු ඇත.

යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ ඉසව් හිදී බියර් ඇතුළු මද්‍යසාර විකිණිමට සැළැස්වීම බොහෝ කාලයක සිට මද්‍යසාර හා දුම්කොළ ජාතික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක වීම සඳහා අභියෝගයක් විය. එහෙත් මෙසේ ලබාගත් තීරණය සමග යුද්ධ හමුදාවද නිවැරදි ජාතික ප‍්‍රතිපත්තිය හා ඒකාත්මිකවීවී ඇත.

සිගරට් මිල වැඩිවීමේ වාසිය ගමු

Oct 7, 2016 in enewssinhala | 0 comments

සිගරට් මිල වැඩිවීමේ වාසිය ගමු

අපේ රටේ සිගරට් මගින් අයකරගන්නා බදු ප‍්‍රමාණ ඉහල දැමීමට යෝජනා වී ඇති අතර, බොහෝ කෙනෙහිළි කම් හා බාධා මධ්‍යයේ මේ වන විට සංශෝධන වලින් අනතුරුව සිගරට් මගින් අයකර ගන්නා බදු වැඩිකිරීමට අනුමැතියන් හිමිවී ඇති බව ආරංච් මාර්ග හෙළිකරයි. ජනාධිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව මාස දෙක්ක් පමණ ආන්දෝලනාත්මක සාකච්ඡුා වට කිහිපයකින් අනතුරුව මෙම තත්නයට පැමිණ තිබේ. අද වෙළඳපොලේ පවතින සාමාන්‍ය සිගරට්ටුවක මිල රු. 35 ක් වන අතර සෑම සිගරට්ටුවක්ම රු. 5 න් ඉහල දැමීමේ යෝජනාවක් ඇති බව දැනගන්නට තිබේ. එහිදී පෙර පැවසූ සාමාන්‍ය සිගරට්ටුව රු. 40 දක්වා ඉහල යනු ඇත.
තවද සෑම සිගරට්ටුවක් සඳහාම දැනට යෝජනා කර ඇති වැට් බදු 15% ක් අයකර ගැනීමටද කටයුතු කරන බවට පැවසේ. මෙම තත්වය නිසා සාමාන්‍යයෙන් සිගරට් මිල අවම වශයෙන් රු. 07 හෝ ඉහල යනු ඇති බව අපේක්ෂා කල හැකිය. එසේ ඉහල යන සිගරට් මිල සම්බන්ධයෙන් සිගරට් විකුණණ වෙළඳසැල් හිමියන් වැඩි බලාපරොත්තුවක් තබා ඇති අතර මේ වන විට වැඩි ලාබ අපේක්ෂාවෙන් ඔවුන් සතු සිගරට් සඟවා තැබීමට කටයුතු කරමින් සිටී. එනම් සිගරට් මිල වැඩි වූ විගස තමන් විසින් කලින් මිලට ගත් සිගරට් අළුත් මිල යටතේ විකිණීම සිදුකර වැඩි ලාභ ඉපයීම ඔවුන්ගේ අරමුණ විය හැකිය. වැඩි ලාබ අපේක්ෂාවෙන් මෙම මිනිමරු භාණ්ඩය විකුණුවත් එසේ උපයා ගන්නා මුදල් වලින් වෙළඳසැල් හිමියාගේ දරුවන්ට හෝ පවුලේ උදවියට යහපතක් වේද යැයි ප‍්‍රශ්ණයකි.
2
අද පවතින තත්වයෙන් උපරිම ප‍්‍රයෝජන ගත හැකි තවත් කණ්ඩායමක් වේ. ඔවුන් නම් දැනට සිගරට් බොන පිරිසයි. සිගරට් බොන්නම ඔන කිය කිය හිටපු අයට අද කඩවල් වල සිගරට් නැති වූනාම මොක ද වූනේ ? කිසිවෙක් සිගරට් නැතිව මිය ගියා ද? නැත. එසේ නම් සිගරට් බොන ඔබට රජය හා වෙළඳසැල් හිමියන් අනගි අවස්තාවක් උදාකර දී ඇත, මෙම මනරම් අවස්ථාව මගනොහැර බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් විපුල ඵලයක් අත්කර ගත හැකි බව පෙනෙන්නට තිබේ. දිනපතා සිගරට් වෙනුවෙන් වැයකරන අතිවිශාල මුදල එක සුමානයක් එකතු කර බලන්න. එදිනෙදා වේල හරි හම්බගරගන්නා අති විශාල පිරිසක් විශේෂයෙන් ත‍්‍රී රෝද රථ රියදුරන් හා කූලි වැඩ කරන පිරිසට තමන්ගේ අවාසිදායක පුරුද්දෙන් මිදීමට හැකි වටපිටාව ඇතිවෙමින් පවතී. සිගරට් නොබී ඉන්න බෑ යැයි පැවසූ ඔබ හා ඔබගේ යහළුවන් වෙළෙන්දන් විසින් මැවූ සිගරට් හිඟය ආශීර්වාදයක් කරගත යුතුමය. එය ඔබට තනවම හෝ සිගරට් උගුලෙන් ගැලවීමට හොඳම ක‍්‍රමය මෙන්ම අවස්ථාවද වනු ඇත. ඔබ සිගරට්ටුවේ එල්ලී සිටිනවා විනා සිගරට්ටුව ඔබේ ඇගේ එල්ලි සිටිනවා නොවේ එසේ නම් වෙනස් විය යුත්තේ ඔබයි.
21
සිගරට් කොම්පැණියේ වුවමනාවට සිගරට් විකුණන වෙළඳ මහතුන් ඔවුන්ගේ ජීවිතයේ අවසන් ලාභය ලැබීමට සූදානම් වන හැඩක් පෙනෙන්නට තිබේ. ශාපලත් භාණ්ඩයන් විකිණීමෙන් ලබන අඩු හෝ වැඩි ලාභ ගිණුම් තීරුවක වෙනම සටහන් වනු ඇති. එම ලාභය සිගරට් විකුණන වෙළඳ මහත්ම මහත්මියන් විසින් රැුගෙන යනුද ඇති. එය කෙසේ වෙතත් කරදරකාරී මෙන්ම සෑම අතින්ම අවාසියම උරුම කරදුන් පුරුද්දකින් නිදහස් වීමට නොදැනුවත්ව හෝ වෙළඳ ප‍්‍රජාව මේ අවස්ථාවේ සිදුකරන්නේ උදව්වක්ම වේ.

දරුවන්ට හොඳම තාත්තා වෙමු.

Oct 3, 2016 in enewssinhala | 0 comments

දරුවන්ට හොඳම තාත්තා වෙමු.

ඔක්තෝබර් 01 දිනය ලෝකයේම දරුවන් වෙනුවෙන් සුවිශේෂි දිනයක් කොට ඇත්තේ දරුවන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් එම දිනයේදී හෝ කතිකාවක් ඇතිකිරීමටයි. එහෙත් වසරේ අනෙක් දිනයන් හිදී දරුවන්ට ලෝකයෙන් ලැබෙන දේ පිළිබඳව තක්සේරුවක් අප සතුව ඇතිද යන්න ප‍්‍රශ්නයකි. ලෝකයේම දරුවන් විවිධ මට්ටමේ අනාරක්ෂිත අවස්ථාවන් තුළ දිවිගෙවමින් සිටී. සෑම වසරකම වාගේ මේ වසරේ ත් ලෝක ළමා දිනයේ දී දරුවන්ගේ අනාරක්ෂිත බව ගැන කතිකාව කරළියට පැමිණේ.
33
අනාරක්ෂිත බව අවම කිරීමට අමුතු උත්සාහයක් ගැනීම අනවශ්‍ය වන අතර පවතින තත්වය තුළ වඩාත් හොඳ වටපිටාවක් ඇති කිරීමට අවම උත්සාහය ගැනීම කාගේත් යුතුකම වේ. මෙහිදී දරුවෙක් ගේ පියෙක් වශයෙන් තමාගේ දරුවන් වෙනුවෙන් හොඳම දේ දරුවන්ට ලැබෙනවාද යන්න ස්වයං අධ්‍යනයක් හෝ විවේචනයක් කරගැනීම වැදගත්වේ. කෑම, බීම හෝ ඉඳුම් හිටුම් මෙන්ම අවශ්‍ය අධ්‍යාපනය දුන් පමණින් දරුවෙකුගේ වගකීම පියෙකුගෙන් සම්පූර්න වනවා යැයි කිව නොහැකිය. දරුවා හා පියා අතර බැඳීම ඒ සියළු පහසුකම් ඉක්මවා යන බැඳීමක් ලෙස හඳුන්වා දිය හැකිය. එම බැඳීම අර්ථවත් එකක් වීමට නම් තම දරුවන් අපේක්ෂා කරන ආකාරයේ පියෙක් වීමට ලොව සියළු පියවරුවරුන් අවම හෝ උසාහයක් ගැනීම සිදුකල යුතුය.
22
”හොඳම තාත්තා” වීමට දරුවන් අකමැති පුරුදු වලින් ඉවත් වීම එක් ක‍්‍රමයක් වේ. අපේ රටේ නම් පියවරුන්ගේ දුම්පානය, හා මද්‍යසාර භාවිතය දරුවන්ගේ අකමැත්ත වැඩි වශයෙන් පලවන අවස්ථාවක් වේ. තාත්තා අකාලයේ මියයනවාට ලොව කිසිම දරුවෙන් අපේක්ෂා නොකරයි. ඊටත් පෙර අවදිය ගැන සොයාබැළුව හොත් මද්‍යසාර හා සිගරට් භාවිතය නිසා සිය පියා අසලටවත් පැමිණීමට මැලිකමක් දක්වන දරුවන් සිටී. එම තත්වය කොතරම් අභාග්‍යසම්පන්න දැයි සැබෑවටම දරුවන්ට ආදරේ ඇති පියෙකුට නමි හොඳින්ම වැටටහනු ඇත. එමනිසා බුද්ධිමත් පියවරු තම දරුවන්ට අවශ්‍ය භෞතික වටපිටාව හෝ අවශ්‍යතා පමණක් සපුරා නොඉඳ පියෙකු වශෙයෙන් ඔහුගේ භූමිකාව ඉටුකිරීමට ඇප කැප වේ. එවන් පියවරුන් ගැන දරුවන් ආඩමේබරයෙන් කතාකරන අතර එම දරුවන් වැඩිහිටියන් වූ දිනෙක, ඔවුන්ට දරුවන් ඇති දිනෙක තම පියාගෙන් ලැබුණු සෙනෙහස, රැුකවරණය පමණක් නොව පිය පහස ඔවුන්ගේ දරුවන්ටද නොමඳව ලබාදීමට කටයුතු කරනු ඇත. අද පියවරුන්ගේ පරම්පරාව දරුවන්ට හොඳම තාත්තා වුවහොත් ඊලඟ පරම්පරාව දරුවන්ට වඩාත් හොඳම පියවරුන් වනු ඇත.

2017 අය වැයට පෙර වරද නිවැරදි කරගනිමු

Sep 28, 2016 in enewssinhala | 0 comments

2017 අය වැයට පෙර වරද නිවැරදි කරගනිමු

2017 අය වැය වාර්තාව සාමාන්‍ය පරිදි එළඹෙන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව හමුවට ගරු මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ඇත. එය එසේ වීමට කලින්ම රටේ ආන්දෝලනයක්ව ඇති මාතෘකාවක් දෙස ඔබගේ අවධානය යොමුකරවීමට කැමැත්තෙමු. පසුගිය අගෝස්තු මාසයේ ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ සිගරට් මගින් අයකරගන්නා බදු 90% දක්වා ගෙන ඒමේ යෝජනාව මේ වන විටත් සිදු වන බවක් පෙනෙන්නට නොමැත. අපේ රටේ සිගරට් මගින් අයකරගන්නා උපරිම බදු ප‍්‍රමාණය 72% ක අගයක් වන අතර, ආර්ථික විශේෂඥ නිෂාන් ඩි මෙල් මහතා බොහෝ කාලයක් මුළුල්ලේ පෙන්වා දුන්නේ රටේ ම්ලදී ගැනීමේ හැකියාව වැඩි වීමට සමගාමීම සිගරට්වල මිල වැඩිවීම සිදුනොවු බවයි. මේ හේතුව නිසාම සෞඛ්‍ය අමාත්‍යවරයා හා ජනාධිපතිවරයාගේ අවධානය මේ වෙත යොමු විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේද නිර්ණායකයන් පෙන්වා දෙන්නේ සිගරට් භාවිතය නිසිපරිදි හා වඩාත් ඵලදායි ලෙස අවම කිරීමට හැකි ප‍්‍රමුඛ උපාය මාර්ගයක් වන්නේ ඒවායේ මිල ඉහල බදු පැනවීමක් මගින් ඉහල දැමීම යන්නයි.
31b
අපේ රට සිගරට් භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් අනෙක් කලාපීය රටවලට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන අතර ගරු ජනාධිපිවරයාද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර සිටී. එහෙත් සිගරට් මත 90% ප‍්‍රමාණයෙන් බදු පැනවීමට යාමේදී එතුමන්ට මීට වසර 03 ට ඉහත සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී සිගරට් පැකට් මත රූපමය අවවාද මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇති වූ තත්වයට සමාන තත්වයක් ඇති වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙසේ බදු ඉහල දැමීම රජයක් හා රටක් ලෙස ඉතාමත් වැදගත් හා බොහෝ කෙටිකාලීන හා දීර්ඝකාලීන වාසි අත්කර දෙන්නක් බව පැහැදිලිය. ඒ අනුව ස්වභාවිකවම බහුජාතික සිගරට් සමාගම් වලට නම් මෙය එතරම් සුබාවාදී නොවන බව දැනෙන්නේ එම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලය මෙතරම් ප‍්‍රමාද වන බැවිනි. සිගරට් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේම පුරෝකතනයන්ට අනුව ඉහත යෝජනාව සම්මත වුවහොත් රටේ සිගරට් මිල ඉතාමත් ඉහල අගයක් දක්වා යනු ඇති අතර දිනපතා සිගරට් බොන පිරිස 200,000 න් අඩු වනු ඇත. එසේම අපේ රටේ වයස අවුරුදු 15 වඩා අඩු දරුවන් 70,000 ක් පමණ සිගරට් භාවිතය ආරම්භ කිරීම වැළකී යනු ඇත. මෙම සංඛ්‍යා දත්ත දෙකෙන් අපට හොඳින්ම පැහැදිලි වන්නේ සිගරට් භාවිතය මගින් සිදුවන ව්‍යසනය අවම කර ගැනීමට ගත හැකි හොඳම උපාය මාර්ගයක් කැබිනට් මණ්ඩලයට මේ වන විට යෝජනා වී ඇති බවයි. බදු සංශෝදනය නිසිපරිදි සිදු කිරීමෙන් රජයට ලබාගත හැකි අමතර ආදායම රු. බිලියන 80 ට අධිකවේ. එම මුදල අයකර ගතහොත් මහජනතාවගේ අප‍්‍රසාදයට පත්වී වැටි බදු අයකරගන්නවාට වඩා වාසියක් රජයට අත්වේ.
41b
එහෙත් අය වැය අභිමුව තිබියදී පෙර වසරවල වාගේම සිගරට් රුපියල් කිහිපයකින් ඉහල දමා ඉහත යෝජනාව කුණු කූඩයට විසි කිරීමටද හැකිය. මෙතුවක් කල් සිදු වූයේ එයයි. අවසන් වරට රු. 03 න් ඉහල ගිය වෙළඳපොලේ සාමාන්‍ය සිගරට් එකක මිල අද වන විට රු. 35 ක් වන අතර එය 90% ක බදු මගින් ඉහල දැමුවහොත් සාමාන්‍ය සිගරට්ටුවක මිල රු. 50 ඉක්මවා යනු ඇත. එහෙත් බොහෝ විට සිදුවිය හැක්කේ පෙර වසරවලදී සිදු වූවා සේ සිගරට් එකක මිල රු. 5 ක් පමණ ඉහල දමා කතාව අවසන් කිරීමයි. එසේ වන්නේ දුම්කොළ සමාගම් වල අදෘශ්‍යමාන හස්තයන් සෑම තැනම ක‍්‍රියාත්මක වන බැවිනි. දුම්කොළ සමාගම් වලට අවාසිදායක තීරණ ගැනීමට මෙතරම් අපහසු වටපිටාවක් ඇති වන්නේ එම හේතුව නිසාවෙනි. මෙවැනි වාතාවරණයක් තූල සිහියට නැගෙන්නේ ලෝක බැංකුව විසින් ලෝකයේ සිගරට් පාළනය සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශයයි.
සිගරට් කර්මාන්තයක් ලෙස අද ලෝකයට හඳුන්වා දීමට යන්නේ නම් කිසිලෙසකින් වත් එම නිෂ්පාදනයට පේටන්ට් බලපත‍්‍රය හිමිනොවනු ඇත. එහෙත් අද වන විටත් දුම්කොළ සමාගම් ලොවට ව්‍යසනය අත්කරදෙමින් පවතින්නේ අන් කිසි සාධකයක් නිසා නොව ඔවුන් සතු මුදල් බලය හා දේශපාලන සම්බන්ධතා නිසා බවයි.
51a
අද අපේ රටේ වනනේද ඉතිහාසයේ සිදු වූයේද එයමයි. එහෙත් පසක් කරගත යුතු සත්‍යක් ඇත. එනම් මුදල් මත ලොබ බැඳ සිගරට් සමාගම හා සන්ධානගත වූ කිසියම් හෝ නිලධාරියෙක්, දේශපාලඥයෙක්, පුද්ගලයෙක් වේද, සිගරට් සමාගමේ කූට උපායන් එක පිට එක හෙලිවන්නේ කෙසේද ඔවුන්ද එසේ ලෝකයට හෙළිවනු ඇත. එය සැමදාම සිදුවෙමින් පවතී. සිගරට් පැකට් මත රූපමය අවවාද දැමීමේ සටන ජනතා සටනක් වූ ලෙසම වර්තමානයේ බදු සම්බන්ධයෙන් උද්ගතව ඇති සටනද ජනතාව නිසි වේලාවේදී සිය අතට ගනු ඇති අතර එදිනට කුමන බලපරාක‍්‍රමයක් තිබුණත්, මිල මුදල් යහමින් තිබුණත් ඒ සියළු දේ අතහැර මහපොලවට බැසීමට සිදුවනු ඇත.