සුරාබදු ආඥාවන් වෙනස් කිරීමේ මූලික අරමුණ කාන්තාවන්ට සම තැන දීමද?

පසුගිය දිනක මුදල් අමාත්‍යංශය විසින් සුරාබදු ආඥාවන් කිහිපයන් වෙනස් කිරීම සිදුකල අතර, ඒවායින් එකක් වන්නේ කාන්තාවන්ට මද්‍යසාර විකුණන ස්ථානවල රැුකියාවේ යෙදීමට තිබූ තහංච් ඉවත් කිරීම හා මද්‍යසාර මිලදී ගැනීමට මෙතක් තිබූ තහංච් ඉවත් කිරීමයි. මේවා බොහෝ කාලයකට පෙර පනවා තිබූ නීති හෝ අද කාලයට නොගැලපෙන නීති බැවින් වෙනස් කිරිමට කටයුතු කල යුතුව තිබූ බව පවසමින් මෙම ක‍්‍රියාව සාධාරණිකරණය කිරීමට මුදල් අමාත්‍යංශයට හැකිය.

තවත් අයුරකින් පිරිමි කරන සියළු රැුකියා අයිතිවාසිකම් කාන්තාවන්ටද ලබාදීමේ අරමුණ කරගෙන මෙම වෙනස්කම සිදුකිරීම වඩාත් යහපත් බව තවත් අයෙකුට කිවහැකිය. දියුණු ලෝකයේ රටවල කාන්තාවන්ට ඇති අයිතීන් අපේ රටේද තිබිය යුතු බව හා එසේ වන්නේ නම් යහපත් බව සමහර විට කාන්තාවකටම සිතීමට මෙය නිම්ත්තක් ද වනු ඇත. මේ තීරණය හා මතුපිටින් පෙනෙන ඉහත සඳහන් ඒවාට අමතර ඇතුලාන්තයක් හෙලිකිරීම සඳහා මෙය අවස්ථාව කරගනිමි.

කාන්තාවන් වෙනුවෙන් මද්‍යසාර මිලදී ගැනීම හා විකිණීමට තිබූ බාධාවන් ඉවත් වන්නේ කාගේ අවශ්‍යතාවක් නිසාද යන්න කිසිවෙක් කල්පනා හෝ කලේ ද? එය හුදෙක් මුදල් අමාත්‍යංශයේ තීරණයක් පමණ ද? නැතහොත් ලෝක වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු අපේ රට විසින්ද අනුගමනය කලයුතු එක් ක‍්‍රියාපටිපාටියක් ද? ලෝක වෙළඳාමේ මද්‍යසාර හා සිගරට් කර්මාන්තයේ මුහුණුවර ලෝක වෙළඳ ගිවිසුම් හරහා එළිබහින අවස්ථාවක් ලෙස කිසිවෙක් මෙය හඳුනාගන්නේ ද? මතුපිටින් නොපෙනුනාට ඇතුලාන්තයේ අවශ්‍යතාවය නම් අපේ අනන්‍යතාවට නිසි නොවන එහෙත් ලෝකේ අවශ්‍යතාවය ඉටුකිරීමකි.

හෙට සිට අපේ රටේ කාන්තාව මද්‍යසාර විකුණන ස්ථානවල පොල්ම් ගැසෙන්නේ නැත. මන්ද අපේ රටේ කාන්තාවගේ මද්‍යසාර භාවිතය ලෝකයේ අනෙක් රටවල මද්‍යසාර භාවිතය හා සැළකීමේ දී ඉතාමක් කුඩා අගයක් ගන්නා බැවින් හා ඔවුන්ගේ බුද්ධිමත්භාවය නිසායි. වඩාත් උසස් අධ්‍යාපනයක් ලද එහෙත් බුද්ධිය හීන කාන්තාවන් අතලොස්සක් මෙම නීතිය වෙනස්වීමෙන් අනතුරුව වයින්, බියර් හෝ වෙනත් මද්‍යසාර මිලදී ගනිමින් කිසියම් රංගනයක නිරත වීමක් සිදුවීමට ඉඩ ඇත. එසේ සිදු වුවහොත් වන්නේ පෙර කී ලෙස එවන් අයගේ ඇති බුද්ධිමත්භාවයේ හා දැනීමේ අඩුවක් නිසායි.

මෙම වෙනස් වූ නීති මගින් වැඩිම බලපෑම සිදුවන්නේ කාන්තාවන් නොව පිරිමින්ට බව අපගේ තර්කයයි. විශේෂයෙන්ම කාන්තාවන්ට මද්‍යසාර විකිණීමට අවකාශ ලබාදීමෙන් මද්‍යසාර සඳහා ගොඩනගන ආකාර්ෂණය සුළුපටු නොවනු ඇති. තරුණයන්ට හා පිරිමි දරුවන්ට මද්‍යසාර පිළිබඳ වැරදි අවබෝදයක් ආකර්ෂණීය ස්වරූපයෙන් ඔවුන්ගේ මනසේ ස්ථාපිත කිරීමේ ලෝක උපාය දැන් අපේ රටේ ක‍්‍රියාත්මක වීමට නියමිතයි. නුදුරේදීම ඔබේ දරුවා බැලීමට යන ක‍්‍රිකට් හෝ රගර් තරඟයක අඩ නිරුවතින් බියර් විකුණන ලඳුන් දැකීමට වුවහොත් පුදුම නොවන්න. මන්ද, අපේ රටේ මද්‍යසාර වෙළඳ ප‍්‍රචාරණය තහනම් අවස්ථාවක බියර් හා මද්‍යසාර විකිණීම සඳහා අවස්ථානුකූලව කාන්තාව යොදාගැනීමෙන් වඩාත් වැඩි වාසි හිමිකර ගැනීමට හැකියාව එම කර්මාන්තයන්ට හිමිවන බව ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට අපහසු නැත.

එසේනම් මෙම නීති වෙනස් කරන ලද්දේ කාන්තාවනි ඔබට සම තැන හිමිකරදීමට නොවේ, විශේෂයෙන්ම බියර් ඇතුළු මද්‍යසාර කර්මාන්තයන් විසින් ලෝකය පුරා ගෙනයන කූට වැඩපිලිවෙලක් සමග අපේ රටද ඒකාත්මික කිරීමටයි. මෙම නීතිය වෙනස් කරගැනීම සඳහා බියර් කර්මාන්තයන් බොහෝ කාලයක සිට උත්සහා දරන්නට ඇත. එම උත්සාහය මල්පල ගැන්වී ඇත. ඒ අනුව අද පවතින රට ගැන බොහෝ දේ අවබෝධ කරගැනීමට ඔබට අපහසු ද නොවනු ඇත. මද්‍යසාර සමබන්ධයෙන් පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේ සිට ආන්දෝලනාත්මක තීරණ රාශියක් එලි දක්වා රට මද්‍යසාර කර්මාන්තයන්ට පාවා දී ඇති යුගයක බුද්ධිමත් මහජනතාව ලෙස කුමක් කල යුතුද? මෙවර පාළාත් පාලන ඡුන්දය සඳහා අපේක්ෂකත්වය ලැබු 25% ක් වන කාන්තා අපේක්ෂිකාවන් මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුුමක් වියයුතු ද? සොයාගැනීම ඔබට අපූරු අත්දැකීමක් වනු ඇත.

බියර් සහ වයින් මිල මිල අඩුකර ජනතාවට සහනයක් ලබාදිය හැකිද ? 2018 අයවැය සඳහා යෝජනා 01

ජනතාව බලාපොරොත්තුවන්නේ, බියර් සහ වයින් මිල අඩුකර ජනතාවට සහන ලබාදීම නොව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්වල මිල තවදුරටත් ඉහළ නොයවා ඒවා පාලනය කිරීමය. අපේ රටේ මද්‍යසාර භාවිතා කරන්නන්ගේ ප‍්‍රමාණය සමස්ත පිරිමි ජනගහනයෙන් 35% කි. (STEPS Survey/WHO & Ministry of Health, Sri lanka) මද්‍යසාර භාවිතාකරන්නන් ද සිය දරුවන් මද්‍යසාර වැනි අවාසිදායක පුරුද්දකට ගොදුරුවනවාට කැමැත්තක් නොදක්වයි. 2015 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සිදුකරන ලද අධ්‍යනයකට අනුව වසරකදී මද්‍යසාර භාවිතය නිසා අපේ රටට සිදුවන ගණනය කළ හැකි අලාභයේ වටිනාකම පමණක් රු. බිලියන 141 ක් වේ. එසේනම් සිදුකළ යුත්තේ රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ සංවර්ධනයට රජය වැඩි වශයෙන් ආයෝජනය කිරීම මිස බියර් සහ වයින් මිල අඩු කිරීම මගින් සමස්ත හානිය වැඩිකර ගැනීමට කටයුතු කිරීම නොවේ. මෙම යොජනාව ක‍්‍රියාත්මකවීම මගින් සිදුවන්නේ ළමුන් සහ තරුණයන් මද්‍යසාරවලට යොමුවීමට තිබෙන අවකාශ පුළුල්වීමයි.

රජයක් ලෙස, මද්‍යසාර භාවිතාකරන 35% ක් තරම් පිරිසට කළ හැකි හොඳම උපකාරය ඔවුන්ගේ භාවිතය තව තවත් දිරිමත් කිරීම නොව එම භාවිතයෙන් ඉවත්වීමට අවශ්‍ය පහසුකම් සැපයීමයි. අනෙක් කාරණය නම් රටේ සමස්ථ ජනගහණයෙන් 20% වඩා අඩු පිරිසකගේ මද්‍යසාර භාවිතයට පහසුකම් සැපයීමට කිසියම් රජය කටයුතු කරන්නේ නම් එයින් සිදුවන්නේ 80% තරම් බහුතර මද්‍යසාර භාවිතා නොකරන පිරිසකගේ ස්ථාවරයට අභියෝග කිරීමකි. එය මද්‍යසාර සමාගම් හි අවශ්‍යතාවය වේ. බියර් හා වයින් මිල අඩු කිරීමට කිසියම් යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නම් එයි වාසි ලබන්නේ මද්‍යසාර භාවිතයට හුරු වූ හෝ භාවිතාවට හුරු නොවූ මේ පාර්ශව දෙකම නොව බියර් හා වයින් නිෂ්පාදනය කරන සමාගම් පමණි.

එමනිසා මද්‍යසාර පාලනය කිරීම සඳහා සාධණීය ප‍්‍රතිපත්තීමය තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීමකදී ලෝකයේ දැනට පවතින ඵලදායක බවට සනාථවී ඇති ප‍්‍රතිපත්තිමය තීරණ, විද්‍යාත්මක දත්ත හා තොරතුරු ඕනෑතරම් ඇත. ඒවා සොයාලබා අනුගමනය කිරීමෙන් බියර් හා වෙනත් මද්‍යසාර කර්මාන්ත ගෙනයන කූට ප‍්‍රචාරයන්ට හසු නොවී 2018 අයවැය සැබෑම ජනතාවාදී අයවැයක් කිරීමට හැකියාව ලැබෙනු ඇතිබව අප විශ්වාසයයි.

2018 අයවැයට කල්තියාම සිගරට්, බියර් සමාගම් වැඩ පටන් ගනී…

ඇයවැය වාර්තාව රටක ආර්ථික හා සමාජීය දිශානතිය තීරණය කරන ප‍්‍රධානම සාධකයක්. එයි පැනවෙන බදු හෝ සහන සම්බන්ධයෙන් මහජනාතාව වඩාත් උනන්දුවක් දක්වන අතර, සමාගම් ඔවුන්ගේ ව්‍යාපාර පැවැත්මට බලපාන අයවැය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වඩාත් උනන්දු වේ. මේ තත්වය හොඳින්ම අවබෝධ කරගෙන සිටින සිගරට් හා මද්‍යසාර සමාගම් 2018 අයවැය ඉදිරිපත් වීමට මාස 06 ට කලින්ම ඔවුන්ගේ යෝජනා වක‍්‍රාකාරයෙන් ගෙනඒමට කටයුතු කොට ඇති බව පෙනෙන්නට තිබේ.

එයට හොඳම උදාහරණය නම් සැර මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා බියර් හා වයින් වැනි මද්‍යසාරවල භාවිතය දිරිමත් කිරීමට කටයුතුකල යුතු බව මාධ්‍ය වාර්තා කරළියට ඒමයි. මාධ්‍ය වාර්තාවන්ගෙන් ඔබ්බට ගොස් මුදල් අමාත්‍යවාරයාට පවා වැරදි තොරතුරු ලබාදීමෙන් නොමග යැවීමට මද්‍යසාර සමාගම් කටයුතුකර තිබේ. විද්‍යාත්මක නොවන හා මද්‍යසාර සමාගම්වලට වාසිදායක ආකාරයේ දත්ත තොරතුරු සමාජගත කරමින් මේ වන විට විශාල මාධ්‍ය ආවරණයක් ලබාගනිම්න් සිටින ආකාරයක්ද පෙනෙන්නට තිබේ.

සිගරට් කර්මාන්තයද දැන් මාස 02 ක පමණ කාලයක සිට අපේ රටේ සිගරට් සඳහා ඇති නීති රෙගුලාසි අධික බව නිසා බීඩි හා හොර සිගරට් වැඩි වශයෙන් විකිණීම සිදුකරන බව සාවධ්‍ය ප‍්‍රකාශයන් ගෙනයාම සිදුකරයි. මෙයට ආසන්තම මාධ්‍ය වාර්තා කිරීමක් ලෙස සිල්ලර සිගරට් වෙළඳ සංගමයේ සභාපතිවරා යැ’යි ප‍්‍රකාශ කෙරෙන නිර්ණාමික පුවත් වාර්තාවක් ජූලි 28 ඩේලි FT (Daily FT )පුවත්පතේ අර්ධ පිටුවක පලවිය. එයින් කියවෙන්නේ සිගරට් සම්බන්ධයෙන් පසුගිය වසරේ රජය ගන්නාලද තීරණ නිසා ඔවුන් අපහසුවට පත්ව ඇති බව හා බීඩි භාවිතය වැඩිවීම නිසා රාජ්‍ය ආදායම අඩුව ඇති බවයි. මේ සෑම තර්කයක්ම සිගරට් සමාගම විසින් බෝහෝ කාලයක සිට කරළියට ගෙන ඒන තර්ක සුලබ තර්කවන අතර, වෙනස වන්නේ වෙනත් පාර්ශවයක් ලෙස පෙනී සිටිමින් ඒවා ඉදිරිපත් කිරීමයි.

ජනමාධ්‍යවේදීන් නොමග යැවීමේ උපරිමය මේ වන විට සිදුවෙමින් පවතී. ජූලි මස 01 දින ඉරිදා දිවයින පුවත්පතේ සිගරට් විකිණීම නැවැත් වූ හක්මන නගරය සම්බන්ධයෙන් පුවත් වාර්තාවක් පලවිය. එම ලිපියේ වැඩිවශයෙන් ඉස්මතුකර තිබුනේ සිගරට් විකිණීම නැවැත්වීම නිසා අපහසුතාවන් ඇතිවී ඇති ආකාරයන් සම්බන්ධවයි. ඉතාමත් සියුම් ආකාරයෙන් සිගරට් සමාගමේ අවශ්‍යතාවයට ජනමතය නැටවීමට හැකි සෑම උත්සාහයක්ම මේ වනවිට දරමින් තිබේ.

බියර් භාවිතය සඳහා වැඩි පහසුකම් සැපයියයුතු බව පැවසීමේ දී පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් එය හොඳ තීරණයක් බව පැවසීය නැතහොත් නිහඬව සිටියේය. මෙම උත්ගත වී ඇත් ස්වභාවය අවධාරණයකරන්නේ එළඹෙන අයවැය මද්‍යසාර හා සිගරට් කාර්මාන්තයන්ට සුභවාදී එකක් වනු ඇති බව ද? බියර් හා සිගරට් කර්මාන්තයේ සාවද්‍ය දත්යන් මුදල් අමාත්‍යංශය ඇතුළු, ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ජනමාධ්‍ය තුලද බහුල වීම නිසා අවසානයේ රටට සිදුවන්නේ අගතියකි.

ඉන්දීය තරග සංචාරයේදී ආන්දෝලනාත්මක තීරණයක්

මේ දවස්වල ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායම අපේ රටේ පූර්ණ තරගාවලි සංචාරයක් හා පැමිණ තිබෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන මෙම සංචාරය මේ වන අපේ ක‍්‍රිකට් ලෝලීන්ට නම් අමිහිරි මතක එකතු කරනු ඇති බවට කිවහැකි අනාවැකි දැනටමත් පලවී තිබේ. සාමාන්‍යයෙන් ඉන්දීය කණ්ඩායම තරග සංචාර සඳහා වෙනත් රටකට යාමේදී එම සත්තාරක රටේ ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ඇ.ඩොලර් මිලියන 20 ක (ශී‍්‍ර ලංකා රු. කෝටි 300* පමණ සල්ලි මල්ලක් හිමිකරගත හැකියි.
මෙතරම් විශාල මුදල් ප‍්‍රමාණයක් හිමිවන්නේ ඉන්දීය කණ්ඩායමට ඇති අනුග‍්‍රාහකත්වයන් හා රූපවාහිනි විකාශන අයිතිය වැනි ආදායම් නිසායි. ඉන්දීය කණ්ඩායමේ මේ ලෝක සංචාර හා දේශීය තරග සඳහා අනුග‍්‍රාහකයෙක් ලෙස මද්‍යසාර සමාගමක් කටයුතු කරයි. එසේ කටයුතු කරන්නේ අද ඊයේ සිට නොව ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (IPL)තරගාවලිය ආරම්භයේ පටන් ඉන්දීය ක‍්‍රිකට් සඳහා මද්‍යසාර සමාගම් අන්ග‍්‍රාහකත්වය දැක්වීය. ලෝකයේ බෝ නොවන රෝග සඳහා වැඩිම දායකත්වයක් දක්වන මද්‍යසාර භාවිතය මිනිසුන්ගේ තේරීමක් බවට පත්කරන එක් උපායක් ලෙස ක‍්‍රීඩාවන් හරහා මද්‍යසාර භාවිතය ප‍්‍රවාර්ධනය කිරීම සිදුකෙරේ.

2008 -2009 ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලි අවසන් වීමෙන් අනතුරුව ඉන්දියාවේ මද්‍යසාර පරිබෝජනය විශාල ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා පලවිය. එම තත්වය ඇතිවීමට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් කණ්ඩායම් සඳහා අනුග‍්‍රාහකත්වයෙන් දායක වූ බියර් ඇතුළු මද්‍යසාර සමාගම් ප‍්‍රධාන හේතුවක් බව පැහැදිිලිවිය. අද එම මද්‍යසාර ප‍්‍රචාරණය සමග ඉන්දීය කණ්ඩායම අපේ රටට පැමිණ තිබේ. මද්‍යසාර ප‍්‍රචාරණයන් සිදුවන තරග සඳහා රන්ගිරි දඹුළු ජාන්‍යන්තර ක‍්‍රීඩාංගණය නොදීමට ගෙන තිබූ ඵෙතිහාසික තීරණය මෙම සංචාරය සඳහා වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

රන්ගිරි දඹුළු ක‍්‍රීඩාංගණ පාළනාධිකාරිය විසින් වසර ගණනක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි වැදගත් ප‍්‍රතිපත්තියක් වෙනස්වී ඇත්තේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු එක්දින ජාන්‍යන්තර තරගය එළඹෙන අගෝස්තු මස 20 දිවා රාතී‍්‍ර තරගය ලෙස එම ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබීමත් සමගයි. වසර 05 ක පමණ කාලයක සිට කිසිදු මද්‍යසාර අනුග‍්‍රාහකත්වකින් සිදුකෙරෙන තරගාවලි මෙම ක‍්‍රීඩාංගණයේ පවත්වා නැතත් අද වන විට එම තත්වය වෙනස්වීමට බළපෑ කරුණු කාරණා කවරේද යන්න නොදන්නා අතරම, මෙය කුමන පාර්ශවයකගේ අවශ්‍යතාවයමත ඉටූවී ඇතිද යන්න නොදනී.

ක‍්‍රීඩාශීලිබව නැතිකරන මද්‍යසාර වැනි නිෂ්පාදන ලෝක ක‍්‍රීඩා මණ්ඩපයන්ගෙන් ඉවත්කල යුතු කාලයක අපේ රටේ ඒ වෙනුවෙන් ගෙන තීබු සාධණීය තීන්දුවක් ආපස්සට හැරවීම ලෝකයේම ක‍්‍රීඩාලෝලීන්ට සිදුකල මරු පහරක් ලෙස පෙන්වාදිය හැකිය.

අරක්කු පඹයා වෙනුවට බියර් රූකඩයා

මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් කෙසේ වෙතත් පසුගිය දිනක මද්‍යසාර භාවිතය දිරිමත් බව ආකාරයේ ප‍්‍රතිපත්ති හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. නව මුදල් අමාත්‍යවරයා සිය අමාත්‍යධූරයේ කටයුතු ආරම්භ කරමින් සිදුකල පළමු පාර්ලිමේන්තු පෙනීසිටීමේ දී සිය පුද්ගලික විශ්වාසයන් ලෙස සුරාබදු ආඥා පනතට ගෙන ඒමට යෝජනා කල සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට රටේ කතිකාවක් ආරම්භ වී ඇත. එහිදී සැර මද්‍යසාර හා කසිප්පු භාවිතය අවම කිරීම සඳහා බියර් මිල අඩුකිරීමට කටයුතු කිරීම, විදේශික සංචාරකයන්ගේ අවශ්‍යතාවය සලකා බලා පොහොය හා වෙනත් සුවිශේෂි දිනවල මද්‍යසාර විකිණීමට ඇති තහනම ලිහිල් කිරීම වැනි ආන්දෝලනාත්මක යෝජන ඇතුළත් විය.

මෙම යෝජනා පාර්ලිමේන්තුව හමුවේ තැබීමට පෙර මුදල් අමාත්‍යවාරයා ලෙස සිදුකල යුතුව තිබූ අධ්‍යනයක් සිදු නොකිරීම හා විමසාබැලීමක් නොකිරීම රජය හා අමාත්‍යවාරයාවද හෑල්ලූවට ලක්වීමට හේතුවක් වී ඇත. ජනාධිපතිවරයා ”මතින් නිදහස් රටක් ” යන සංකල්පය පෙරදැරිව කරයුතු කරමින් සිටියදී ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්්‍ය සාධක බළකාය හා දුම්කොළ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ කරුණු විමසීමක් නොකිරීම අඩුපාඩුවකි. එමෙන්ම පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ සම්මත වූ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ගරු මුදල් අමාත්‍යවාරයාගේ අවධානයට පත්වූයේ නම් උක්ත යෝජනා සිදුනොවීමට තිබිණි.
අපේ රටේ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් නිවැරදි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් මේ වන විට ඇතත් මෙම සිද්ධියෙන් පෙනී යන්නේ ඒ අනුව ක‍්‍රියාත්මක වීම ශුන්‍ය බවයි. මධ්‍යසාර භාවිතයේ හානිය සෞඛ්‍ය පැත්තෙන් පමණක් නොව බොහෝ සමාජ ආර්ථික වටපිටාවන් සඳහා ඍණාත්මක බලපෑමක් ඇතිකරනු ලබයි.

නිති විරෝධී හා සැර ප‍්‍රමාණයන් වැඩි මත්පැන් භාවිතය අඩු කර හානිය අඩුකල යුතුව ඇති බව බියර් සමාගම් මගින් ගෙනයන ප‍්‍රධාන මතවාදයකට අනුව යමින්, හඳුන්වාදීමට උත්සහා ගන්නා මෙවන් තීරණ ඉතිහාසයේ පවා අප මුදල් අමාත්‍යංශය නොමග යැවීමට හේතුවක් විය. බියර් සඳහා බදු අඩු කිරීම මගින් හෝ වෙනත් අයුරකින් එය දිරිමත් කිරීම මගින් කිසිසේත් මද්‍යසාර මගින් සිදුවන කෙටිකාලීන හෝ දීර්ඝකාලීන හානින් අවම කිරීමට නොහැකි බව සාක්ෂි සනාථ කරන අතරම එම වැරදි ප‍්‍රතිපත්තිමය තීරණ අවාසිසහගත බවද ඔප්පු වී තිබේ.

එහිදී හොඳම උදාහරණය වන්නේ මෙයට පෙර අවස්ථාවකදී එනම් 1995 වසරේ දී ද එවකට මුදල් අමාත්‍යවාරයාව සිටි ජී. එල් පීරිස් මහතා විසින් බියර් බදු අධික ලෙස අවම කිරීම සිදුකල අතර රජය අපේක්ෂාකල ආකාරයේ කිසිදු සාධණීය ප‍්‍රථිපලයක් ලබාගැනීමට අසමත් වූ බව දත්ත පෙන්වා දේ.
මද්‍යසාර භාවිතය සම්බන්ධයෙන් විවිධ අදහස් එළිදකිම්න් ඇති මෙවන් වකවානුවක මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් රටක් ලෙස දැනට ගෙන ඇති පියවරයන්ට අමතරව ඉදිරියේදී ගත හැකි පියවරයන් රට හමුවේ තැබීමට මෙය අවස්ථාවක් කරගමු. මේ වන විට වෙළඳපොලේ ඇති මද්‍යසාර මිල පිළිබඳව කිසිදු නියාමනයක් හෝ පිලිගත හැකි මිල නියාමන ප‍්‍රතිපත්තියක් නොමැති බව පෙනෙන්නට තිබේ.

ලෝකයේ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති සුවිශේෂි මැදිහත් වීම් අපේ රටේද ක‍්‍රියාවට නැංවීම මගින් වඩාත් හොඳ ප‍්‍රථිපල ලබාගත හැකි බව අපගේ යෝජනාවයි. එහිදී ඕනෑම මද්‍යසාර වර්ගයක මිල ප‍්‍රමුඛ සාධකයක් වන අතර දැනට පවතින මිල නියම වීමේ ක‍්‍රමවේදයන් වෙනස් විය යුතු ආකරයෙන් මෙසේ ඉදරිපත් කරමු. මෙසේ ඉදිරිපත් කරන නිර්දේශයන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර පාලන නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම මගින් ලබාගත් සාර්ථකත්වය අනුව සැකසී ඇත. ඒවා ඕනෑම රාජ්‍යක ඵලදායි මද්‍යසාර පාළන ප‍්‍රතිපතියක් සැකසීමට යෝග්‍ය බව අපගේ හැඟීමයි.

මද්‍යසාර භාවිතයේ ගැටළුව අවම කරගැනීම සඳහා මිල නියමකිරීම සම්බන්ධයෙන් යෝජිත නිර්දේශයන්
01. මිලදී ගැනීමේ හැකියාව හා වෙනස්වන උද්දමන අගයන්ට අනුව මද්‍යසාරවල මිල නියම කිරීම හා අගය මත එක් කරන බදු (VAT)වැඩි වශයෙන් ඉහල දැමීම.

02. මද්‍යසාර නිෂ්පාදන සඳහා ලබාදෙන වට්ටම් හෝ මිලදී ගැනීමේදී ලබාදෙන වරප‍්‍රසාද නැති කිරිම.
03. මද්‍යසාර සමාගම් විසින් ඒවා නිෂ්පාදන වියදමටත් අඩුවෙන් අළෙවිකිරීම තහනම් කිරීම.
04. මද්‍යසාර සමාගම් නිෂ්පාදන මිල අඩුකිරීම මගින් ලබාගන්නා ඍජු හෝ වක‍්‍ර ප‍්‍රචාරණය ඇහිරීම.
ෆින්ලන්ත රජය ඔවුන්ගේ රටේ හඳුනාගත් උග‍්‍ර මද්‍යසාර ගටළුවට විසඳුම් වශයෙන් 2008 වසරේ සිට වසර 04 ක කාලයක් ක‍්‍රමිකව මද්‍යසාර බදු මගින් මිල වැඩි කිරීමට කටයුතු කරන ලදී. එම අවදියේදී ෆින්ලන්ත රජය බදු ආදායම ලෙස යුරෝ මිලියන 400 ක් උපයාගැනීමට සමත්ව ඇති අතර එම ක‍්‍රියාත්මක වීම නිසා 8% ක් මද්‍යසාර භාවිතය අඩුවී ඇත.

05. මද්‍යසාර ලීටරයක් සඳහා අවම නීත්‍යානූකූල මිලක් නියම කිරීම.
මද්‍යසාර විකිණීම සඳහා අවම මිලක් නියම කිරීම මගින් එක්සත් රාජධානිය, ස්කොට්ලන්තය වඩාත් ඵලදායී ප‍්‍රථිඵල නෙලාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. එම රටවල් මද්‍යසාර සඳහා අවම මිල නියම කිරීම හා එය 10% න් වැඩිකිරීම මගින් මද්‍යසාර භාවිතය 8.4 % න් අඩු කරගෙන ඇති අතර, මද්‍යසාර නිසා සිදුවන ඇස්තමේන්තුගත මරණ ප‍්‍රමාණය 32% අඩු වී ඇති බව සමීක්ෂණ වාර්තා හෙලිකර ඇත.

06. නියමිත මිලකට අසීමාන්තිකව මද්‍යසාර භාවිතා කල හැකි ආකාරයේ මද්‍යසාර සමාගම්වල ප‍්‍රචාරණයන් ඇහිරීමට කටයුතු කිරීම වැනි නිර්දේශයන් ක‍්‍රියාත්මක වීමමත තරුණ පිරිස භාවිතයට යොමුවීම ඇහිරීම සිදුවේ.

ඉහත සියළු නිර්දේශයන් පදනම් වී ඇත්තේ වෙනත් සාධක නොවෙනස්ව පැවතියදී පවා මද්‍යසාර මිල නමැති සාධකය වෙනස් කිරීම මගින් වඩාත් ඵලදායි ප‍්‍රථිඵල අත්කරගැනීමට හැකියාව ඇති බව සාක්ෂි සහිතවය.
ලෝකයේ තතු එසේ තිබියදී අපේ රටේ හාත්පසින්ම වෙනස් ප‍්‍රත්පත්ති සම්පාදනය සිදුවන්නේ කවර හේතුයක් නිසාද අපහැදිලි උවත් සැකයට භාජනය කල හැකි අවස්ථා වේ. එනම් අපේ රටේ වෙනස් කිරීමට යෝජනා කරන බොහෝ ක්ෂේත‍්‍රයන් බියර් කර්මාන්තය විසින් බොහෝ කාලයක සිට සිදුකරන ඉල්ලීම් වේ. බියර් නිෂ්පාදකයන් සිය කර්මාන්තය සඳහා වඩාත් වැඩි වාසි ලබාගැනීමට නිරන්තරයෙන් බදු පහසුකම් හා බියර් භාවිතය සුලබ කල හැකි ආකාරයන් සූක්ෂම ලෙස ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්කිරීමට කටයුතු කරනු ලබයි. විශේෂයෙන් සාවද්‍ය තොරතුරු මගින් අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යංශය නොමග යැවීම බියර් කර්මාන්තය මෙන්ම සිගරට් කර්මාන්තයද සිදුකරනු ලබන ප‍්‍රමුඛ උපායකි.

ඒ අනුව යමින් බොහෝ ජනතා නියෝජිතයන් කර්මාන්තයන්ට වාසි වන ආකාරයේ ප‍්‍රකාශයන් සිදුකිරීමද අවාසාදායක තත්වයකි. පාර්ලිමේන්තුවේ බොහෝ වැදගත් තීන්දු තීරණ ගන්නා අවස්ථාවලදී මුනිවත රකිමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් මෙම යෝජනා වෙනුවෙන් පක්ෂව සිය අදහස් දැක්වීම ස්වභාවිකව සිදුවූවා විය නොහැකිය. බොහෝ කාලයක් මුලූල්ලේ බියර් කර්මාන්තයේ සාවද්‍ය දත්ත හා නිර්දේශයන්ට නිරාවරණය වීමේ ප‍්‍රථිපලයක් ලෙස මෙම තත්වය උදාවී ඇතැයි අපට සාධාරණ සැකයක් හටගනී. යෝජිත ප‍්‍රතිපත්ති අනුමත වීම හෝ නොවීම තුල ජනතාවට අවබෝධ කරගත හැකි දේ බොහෝ වනු ඇති. ඔබ, අපගේ මනාපයෙන් පාර්ලිමේන්තු වරම ලද පිරිස ඇත්තටම නියෝජනය කරන්නේ අපේ අවශ්‍යතාවය ද නැතිනම් මද්‍යසාර සිගරට් කර්මාන්තයේ අවශ්‍යතාවයද යන්න දැන කියා ගැනීමට මනරම් අවස්ථාවක් එළඹ තිබේ. එම අවස්ථාව බුක්ති විඳින අතර තුර මද්‍යසාර භාවිතය පාලනය සම්බන්ධයෙන් හෝ එය පෝෂණයකර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඕනෑම බුද්ධිමය සකච්ඡුාවකට මෙම ප‍්‍රස්තුතය විවෘත්ත කරමි. මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානි අවම කරගැනීමට යැ’යි යෝජනා කොට ඇති සියල්ල උපේක්ෂාවෙන් බැහැර කරමි.

අසිත දර්ශණ
වැඩසටහන් නිලධාරී
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

2017 ජුලි මස 02 දින දිවයින ඉරිදා පුවත්පතේ පලවිය

යුද්දෙන් පස්සෙ නැවතත් දකුණට අදෝනාවක් මචං…..

උතුරෙ යුද්දෙ තියෙන කාලේ අපි ඉස්කෝලේ යද්දි අපෙ අම්මලා තාත්තලා බයෙන් හිටියෙ. ඒ දකුණේ මව්වරු 1000 ක් අඬවනවා කියලා කොටි නායකයෝ පතුරවපු කතාවත් එක්ක. ඒ ආරංචියට මුළු දකුණම බයෙන් සැකයෙන් ගෙවපු කාලයක් තිබුණා….. ඒත් රෙටි වාසනාවට ඒ වගේම දකුණේ අපේ වාසනාවට එහෙම සිද්ධියක් ඇති කරන්න තරම් කොටින්ට ශක්තියක් ලැබුණේ නෑ. ඒ එක්කම යුද්දෙත් ඉවරවෙලා කාලයත් එක්ක අපේ ජීවිත වලින් ඒ කතාවන් ඈත් වෙලා අමතක වෙලාම ගියා. ඒත් පසුගිය දවසක කොළඹ ඉදන් මාතර බස් එකක මම එද්දී බස්නාහිර පළාත් සීමාවෙන් දකුණට වැටෙද්දිම දකුණු මුහුදු තීරයට මුහුණලා අමුතු අකුරුත් එක්ක බෝඞ් එකක් දැක්කා. මචං සද්දෙ, තමයි එකේ ලියලා තිබෙුණ්. ඇත්තම කියන්න එතකොටම මට අර මං කලින් කිව්ව දකුණෙ අදෝනාවක් ඇති කරනවා කිවිව සිද්ධිය මගෙ ඔළුවට නැවතත් ආවා. ෙමි දවස්වල අපේ කොල්ලො කෙල්ලොන්ට බොන්න පුරුදු කරන්න හදන රැල්ලෙ තවත් එකක් විදියට බෙන්තොට මචං එකක් පටන්ගෙන. ඒකත් හරියට දකුණු සීමාව පටන් ගන්න තැනින් දාලා තියෙන්නෙ දකුණට නව පිවිසුමක් විදියට කියලයි මට හිතුණෙ. ටික ටික මේ සද්දෙ දකුණේ මහා අදෝනවක් ඇති කරන්න ට‍්‍රයි කළාට දකුණෙ කොල්ලො කෙල්ලෝ අහුවෙන්නේ නෑ කියලා අපිට කියන්න පුළුවන්. තරුණ කොල්ලොන්ට මේ සෙට් වෙන්න කතා කරන්නේ පොවන්න හදන්නේ මචං ලා. මචං කියන්නේ අපේ වචනයක් නෙවේ.

ඒක Machang කියන ඉංගී‍්‍රසි වචනයෙන් ආපු එකක්. Close friend නැත්නම් Mate කියන තේරුම තමයි ඒකට තියෙන්නේ. සගයා නැත්නම් හරියටම තේරුම් දෙන වචනෙ තමයි Brother in-law කියන එක. ලංකාවේ අපේ කොල්ලෝ අතර තම සමීපත සගයන්ට ආමන්ත‍්‍රණය කරන්න මේ වචනෙ භාවිතා කරනවා. මේ අපේ කොල්ලොන්ට දැනෙන්න කියලා මේ විදියට වචන භාවිතා කළාට අපේ කොල්ලෝ පොවන්න හදන්න සගයොන්ට රැවටෙන්න තරම් මෝඩ අය නෙවෙයි කියලා කවුරුත් දන්නවා. සෙට් වෙන්න කතා කරලා පොවන උන් හිනා වෙන බවත් අපේ කොල්ලෝ කෙල්ලෝ දන්නවා. දැන් Machang කියලා Web site වල ගැහැවුමA name for Brand name of Liquor Bar කියලා වැටෙන එක ගැන ශී‍්‍ර ලාංකික කොල්ලො කෙල්ලො විදියට අපිට ලැජ්ජාවක්. මචං සද්දෙ කියලා දැම්මට මේක මහා අදෝනාවක් කියලා අපෙ දකුණෙ කොල්ලෝ දන්නවා. ඒ හින්දා කොච්චර සද්ද දවස් දැම්මත් මුහුදු හුළං වල සද්දෙ තියනකං විතරක් ඔතන තියේවි කියලා අපට විශ්වාසයි . මොකද පොවන උන්ට ඇන්දෙන්න තරම් දකුණෙ කොල්ලේ මෝඩ නැති නිසා.

චිත‍්‍රපටියට සල්ලි දැම්මේ මද්‍යසාර, සිගරට් කොම්පැණි වලින්ද කියලා බලාගන්න ක‍්‍රම සහ විධි…

ලෝකයේ සමහර සිනමා නිර්මාණ නිෂ්පාදනය සඳහා සිගරට් හා මද්‍යසාර සමාගම් රු. කොටි ගණනින් මුදල් වැයකොට ඇති බව සාක්ෂි තිබේ. එහෙත් චිත‍්‍රපටයේ කිසිදු තැනක එසේ මුදල් ගත් බව සඳහන් නොවූවත් සමාගම්වල අවශ්‍යතාවය නම් හොඳින් ඉෂ්ඨ වී තිබේ. එසේ නම් බලමු සිගරට්, බියර් හෝ අරක්කු කොම්පැණි වලින් සල්ලි අරන් හදපු චිත‍්‍රපටි හඳුනගන්න විධි 05 ක්.
01. හිතාමාතාම මද්‍යසාර, සිගරට් නිෂ්පාදනයක වෙළඳනාමයක් චිත‍්‍රපටයේ කිසියම් වේලාව් දර්ශණය වීම. සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි චිත‍්‍රපට පිලිවෙලින් සිගරට් හා බියර් වෙළඳනාම හිතාමතාම සිනමාපටයට අඩංගු කොට ඇත. ඒ දර්ශන ඇතුලත් කිරීම සඳහා අතිවිශාල මුදලක් නිෂ්පාදන සමාගම් හා අධ්‍යක්ෂකවරුන් ලබාගෙන ඇති බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
02. චිත‍්‍රපටයේ සමස්ත කාලයෙන් බොහෝ දර්ශන ප‍්‍රමාණයක මද්‍යසාර හෝ සිගරට් භාවිතය ප‍්‍රදර්ශණය වීම. භාවිතය සාමාන්‍ය එක්ක්, කාන්තාවන් ද භාවිතා කරන බව මෙන්ම ගැටළුවක් නොමැති බව පේ‍්‍රක්ෂකයාට හැඟවෙන්නට සැළැස්වීම.
03. දැනට සමාජයේ සම්මත හෝ විද්‍යාත්මකව පවා සනාථ වී ඇති සත්‍යන් අභියෝගයට ලක්කිරීම. සමහර චිත‍්‍රපටි මගින් මද්‍යසාර, සිගරට් භාවිතය ලිිංගික ආකර්ෂණය හා ප‍්‍රණවත් බව ඇතිකරක්නක් ලෙස පෙන්වනු ලබයි. එහෙත් සැබෑව එය නොවන බව තහවුරු වී අවසානයි. ලෝකයේ ඕනෑම සිනමාවක මෙයට උදාහරණ දැකගත හැකිය.
04. අවස්ථාවේ පේ‍්‍රක්ෂකයාට වැඩිම බලපෑමක් කල හැකි රංගන ශිල්පියා හෝ ශිල්පිණිය සිගරට් හෝ මද්‍යසාර භාවිතය යොදාගැනීම. මෙය ලොව පුරා සිනමාවේ සිදුවන අතර අපේ රටේ ද එසේමය. සිල්වෙස්ටර් ස්ටැලෝන් හට රම්බෝ සිනමාපටය තුළ සිගරට් භාවිතාකරනවාට 1983 වසරේ ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක් වේ.
05. භාවිතාව සුවිශේෂි චරිත විසින් කරන්නක් බව පෙන්වීම හා භාවිතා නොකරන්නන් පිම්පියන් ලෙස හුවාදැක්වීම සිදුවන්නේ නම් එවැනි චිත‍්‍රපට සඳහාද සිගරට් හා මද්‍යසාර සමාගම් වල නොමද ආශිර්වාදය හිමිවී ඇති බව හඳුනාගත හැකිය. දම්ල සිනමාවේ, හින්දි සිනමාවේ හා අපේ සිනමාවේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී මෙම කාරණාව සපත කල හැකි සාක්ෂි ඔනෑතරම් ඔබට සොයාගත හැකි වනු ඇත.
06. චිත‍්‍රපටය පුරාවට සිගරට් හෝ මද්‍යසාර භාවිතය හුවාදක්වා ඒ පිළිබඳව හැකිතරම් වැරදි විශ්වාසයන් පේ‍්‍රක්ෂකයා තුලය යවා අවසානයේ ඉතා කුඩා හෝ ආකර්ශණීය නොවන ආකාරයේ සඳහනක් භාවිතයේ ගැටළුව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම. අද වන විට සිනමා කර්මාන්තයට සියුම් ලෙස මෙවැනි ආකාරයෙන් මැදිහත් වීමට සිගරට් හා මද්‍යසාර කර්මාන්තය සමත් වී ඇත.

අරක්කු බොන තැනක කරන්න, බලන්න පුළුවන් ගති වැඩ 08 ක්.

බලන් ඉන්නකොට දැනෙන සනීපේ බොනකොට කොහෙන්ද ? බොරුනම් බලන්න

01. සෙට් එකේ වැඩියෙන්ම අනුන්ට අරක්කු බොන්න බලකරන එකා තමයි අඩුවෙන්ම බොන්නේ ? ඇයි ඒ ? මොකද මිනිහා දන්නවා වැඩියෙන් බොන තරමට වැඩියෙන් අමාරුයි කියලා.

02. කරන්න ගති වැඩක්, අරක්කු වීදුරුව බොනකල් ඉඳලා කටගැස්මට කියලා මේසේ උඩ තිබ්බ මස්, කඩල, බයිට් පිරිසි ටික උස්සන්න බලන්න. අර වීදුරුව බීපු එකාගේ මුහුණ කොහොමද කියලා. බයිට් වලින් වහන්න හදන අරක්කු වල අමාරුව අන්න එහෙම එළියට ගන්න පුළුවන්.

03. සෙට් එකේ වැඩියෙන්ම බොනව කියලා පෙන්නුවත් අඩුවෙන්ම අරක්කු ශරීරගත කරගන්න අය ඉන්නවා, අන්න ඒ අය තමා අරක්කු, බියර්, මේ ඕනම මද්‍යසාරයක ඇත්ත කලින්ම තේරුම් ගත්ත අය.

04. බිලා සින්දු කියන්න ගිහින් ලොකු සභාවක් ඉන්න තැනක ලැජ්ජාවට පත් වුනාම අරක්කු වලට වැරැුද්ද දාලා බැරිකම වහගන්න හදන යාළුවෝ අපි කාටත් ඉන්නවා.

05. පාර්ටියකට ගිහින් අරක්කු බීලා පාර්ටියේ ඉන්න ලස්නම කෙල්ල එක්ක නටන්න ප්ලෑන් කරන අය ඕන සෙට් එකක ඉන්නවා. හැබැයි ප්ලෑන් ඒක් හැටියට නටා ගන්න තියා හිටගන්නවත් බෑ

06. වීදුරුවේ අඩිය තෙමෙන්න අරක්කු දාගන්න අය කට ගාවට සෝඩා, කොකා කෝලා, ස්ප‍්‍රයිට් දා ගන්නේ අරක්කු මාර ගති නිසාද නැත්නම් පොඞ්ඩ වුනත් බොන එක වාතයක් නිසා ද?

07. ඉඳලා හිටලා හරි කැපිලා පෙන්න බොන එකම මාර ලොකු වැඩක් කරගත්ත යාළුවෝ අපි කාටත් ඉන්නවා. සෙට් එකේ අනිත් අය මිනිහව හැකිතරම් මුරුංගා අත්තේ තියලා වැඩියෙන් අරක්කු පොවනවා.

08. බීලා කොච්චර අපහසු වුනත් ඒ අමාරුව කියන්නේ නැතුව, මරු කියලා කියන අය තමයි වැඩියෙන්ම ඉන්නේ. මොකද එයා හිතන්නේ එයාගේ අවුලක් නිසා එයාට අමාරු අති කියලා ඒත් ඇත්ත නම් හැමෝම හිතන් ඉන්නවා අනිත් අයට නම් අමාරුවක් නැතුව ඇති කියලා,ඒත් කව්රුත් කෙලින් කියන්නේ නෑ මට නම් මේක අමාරුයි කියලා.
2
මෙන්න මෙහෙම අරක්කු, බියර් ඕන දෙයක් බොන සෙට් එක දිහා, එයාල මොනවද කරන්නේ කියලා බලන් ඉන්න එකේ ආතල් එක දන්නේ ඒ දිහා හොඳට බලන් ඉඳපු කෙනෙක් ම තමයි.බොන සෙට් එක දිහා බලන් ඉඳලා, ප‍්‍රශ්න කරලා, පොඩි පොඩි ගේම් දීලා ගන්න ආතල් එක වෙන කිසිම එකකින් ගන්න බෑ මහත්තයෝ.

බොන එක නවත්වගන්න ඕන අයට, මේ අවුරුද්දේ තියෙන හොඳම නැකත !

අවුරුද්දේ බොහෝ දෙනෙක් නැකතට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෑම නැකතකටම බැරි වුනත් පුළුවන් ඒවා මග නොඇර කරන්න තමා හැමෝම උත්සහ කරන්නේ. ඔන්න කාලයක් තිසේසේ අරක්කු, බියර්, සිගරට් මේ ඕනෑම අවාසිදායක පුරුද්දකින් පීඩා විඳපු අයට මේ අවුරුද්දේ ඒක නවත්ව ගන්න හොඳ නැකතක් තමයි උදාවෙන්නේ.

කාලයක් මේ පුරුදු පවත්වගෙන ආවා කියලා මෙලෝ දෙයක් ලැබිලා නැතිනම්, ඉස්සරහටත් විඳින්න පුළුවන් දෙයක් ලැබෙයි කියලා විශ්වාසයකුත් නැතිනම්, හොඳම දේ තමයි මද්‍යසාර, සිගරට් භාවිතය හැකි ඉක්මනින් නවත්වලා දාන එක. ඒකට ඉතින් 2035 වෙනකල් බලන් ඉන්න ඕන නෑ. මේ 2017 අවුරුද්දේ හෙට අනිද්දට ලබන ඕනෑම නැකතක ඒ තීරණේ ගන්න ඕන කෙනෙක්ට පුළුවන්.

හැබැයි ඔයා ඒ ගන්න තීරණේ ගැන ඔයාගේ ලඟම පාර්ශව දැනුවත් කරලා කලොත් එයාලත් මේ අවුරුද්දේ ලොකු හයියක් වෙයි ඔයාගේ තීරණේ ක‍්‍රියාත්මක කරවන්න. විශේෂයෙන් දරුවෝ, බිරිඳ, අම්මා, තාත්තා, ඇත්තටම අවංක හොඳම යාළුවා මේ හැමෝම. කෙනෙක් හිතනවානම් ඔන්න ඔහේ මේ අවුරුද්දෙත් හොඳට බීලා ලබන අවුරුද්දේ හෝ වෙන දවසක මේ පුරුද්ද නවත්වනවා කියලා ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඇවිත් තියෙන හොඳම අවස්ථාව ප‍්‍රයෝජනේට ගත්තොත් ලබන අවුරුද්දේ වෙනස්ම මිනිහෙක් වෙන්න පුළුවන්.

ඔබේ මද්‍යසාර, සිගරට් භාවිතය පවත්වාගෙන යාම හෝ එය නැවැත්වීම සම්පූර්ණයෙන් ඔබේ අතේ තියෙන වැඩක් ඒ නිසා හොඳින් හිතන්න තීරණය ගන්න, ඒ තීරණේ ක‍්‍රියාත්මක කරන ඕනෑම වෙලාවක් ඔයාගේ ජීවිතේ හොඳම නැකත තමයි.

සියළු දෙනාට සැප සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා.

සිගරට් කොම්පැණියට ගොඩක් රිදුන, පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව ගත්ත තීරණ 5 ක්

01. රටේ බොහෝ පාරිබෝගික භාණ්ඩ වලට පනවා ඇති වැට් බද්ද සිගරට් සඳහාද පැනවීමට කටයුතු කිරීම

02. සිගරට් පැකට් මත රූපමය අවවාදයන් 80% ක් තරම් විශාල ප‍්‍රමාණයෙන් දැමීමට නියම කිරීම.

03. සිගරට් මිල රු. 50 දක්වා වැඩි කර, මිලදී ගැනීමේ හැකියාවට සරිලන මිලකට සිගරට්ද ගෙන ඒම. එය බොහෝ කාලයක් මුළුල්ලේ සිදුව තිබූ වරදක් නිවැරදි කරගැනීමකි.

04. එක් සිගරට්ටුවක් මගින් අයකරගන්නා ලද බදු 65% සිට 90% දක්වා ඉහල නැංවීමට කටයුතු කිරීම.

05. තනි සිගරට් සිල්ලර වශයෙන් විකිණීම අහෝසි කිරීමට මේ වන විට යෝජනා වී තිබේ.
රටක් ලෙස මේ වන විට සිගරට් සම්බන්ධයෙන් ඉතාමත් යහපත් තීරණ ක‍්‍රියාත්මක කරන රටක් ලෙසට අපේ රට ලෝක සෞඛ්‍ය සංව්ධානයේ පැසසුමට ලක්ව තිබේ.